ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ ශ්‍රමිකයන්ට ඕස්ට්‍රේලියානු වීසා සඳහා Skill Assessment ලබාදීම කඩිනම් කෙරේ.

Visa_0306.png

Image: Getty

ඕස්ට්‍රේලියාතුල වර්තමානයේ විශාල නිවාස අර්බුදයක් පවතී. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුලට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය හරි අඩකින් පමණ අඩු කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටී. කෙසේ උවත් මෙම අර්බුදයට එක ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ නිවාස සපයුමහි ඇති විශාල අඩුපාඩු වේ. අවශ්‍ය නිවාස ප්‍රමාණය ඉදිකිරීම සඳහා ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ පුහුණු ශ්‍රමිකයින්ගේ දැඩි හිඟයක් පවතින අතර මේ හෙතුව නිසා ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ සිටින ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන පුහුණු ශ්‍රමිකයින් සඳහා වැඩි අවස්ථා ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවට විශ් වාස කෙරේ.


ඔස්ට්‍රෙලියාවේ පවතින දැඩි නිවාස අර්බුධයට පිලියමක් වශයෙන් ඕස්ට්‍රේලියානු රජය නිවාස මිලියන 1.2ක් 2029 වසර වනවිට සාදා නිමකිරීමට ඉලක්ක කර තිබේ. කෙසේ උවත් මේ සඳහා ඉතා විශාල පුහුණු ශ්‍රම බලකායක් ඉතා කෙටිකාලයක් තුල අවශ්‍ය වන බව ඕස්ට්‍රේලියානු ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයට සම්බන්ද ආයතන විසින් පෙන්වා දේ. රජයේ මෙම ඉලක්කයට ළඟාවීමට නම් 90000කට අධික පුහුණු ශ්‍රමිකයන් ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයට අවශ්‍ය බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව් සිට අයදුම් කරන කොන්ක්‍රීට් දමන්නන්, වඩු කාර්මිකයින් වැනි ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයට සම්බන්ද පුහුණු ශ්‍රමිකයින් සඳහා මෙය ඉතා වටිනා අවස්තාවක්
Prmu Rodrigo
මේ හේතුවෙන් මෙවර අයවැයේදී පුහුණු ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාව තුලින් නිර්මාණය කිරීම මෙන්ම විදෙස් රටවලින් සංක්‍රමණිකයින් ලෙස පුහුණු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු වී තිබිණ.

මෙහිදී ඉදිකිරීම් ක්ෂ්ස්ශ්ත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන අය සඳහා මෙය ඉතා වටිනා අවස්තාවක් වන බව ඉදිකිරීම් ක්ෂ්ස්ශ්ත්‍රයේ ආයෝජන සම්බන්දව උපදේශකයකු ලෙස කටයුතු කරන ප්‍රමු රොඩ්රිගෝ මහතා ප්‍රකාශ කර සිටී. ඔහු ප්‍රකාශ කරන පරිදි පුහුණු ශ්‍රමිකයින් ගේ සංක්‍රමණ වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා ඩොලර් මිලියන 1.8ක් වෙන්කර ඇත.

මෙහිදී ඕස්ට්‍රේලියානු ඉදිකිරීම් ක්ෂ්ස්ශ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන සංක්‍රමණිකයින්ගේ කුසලතා ඇගයීමේ (Skills Assessment) ක්‍රමවේදය කඩිනම් කිරීමට මේ හරහා රජය බලාපොරොත්තු වේ.

මෙහිදී ශ්‍රී ලංකාව් සිට අයදුම් කරන කොන්ක්‍රීට් දමන්නන්, වඩු කාර්මිකයින් වැනි ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයට සම්බන්ද පුහුණු ශ්‍රමිකයින් සඳහා මෙය ඉතා වටිනා අවස්තාවක් බව ප්‍රමු රොඩ්රිගෝ මහතා වැඩි දුරටත් පෙන්වා දේ.

මේ සඳහා අවස්ථා ඇති ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ රැකියා සඳහා උදාහරණ පහත දැක්වේ.
  • Carpenters
  • Electricians
  • Plumbers
  • Bricklayers & Stonemasons
මෙයට අමතරව ඕස්ට්‍රේලියානු රජය විසින් ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ අධ්‍යයන කටයුතු සඳහා ඩොලර් මිලියන 88.8ක් වෙන්කර ඇතිබව ප්‍රමු මහතා සඳහන් කරයි. ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයට සම්බන්ද අධ්‍යයන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයින් උනන්දු කිරීම මෙහි අරමුණ වී ඇත. මෙය ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයින්ට පමණක් හිමිවන වරප්‍රසාදයක් වේ. කෙසේ උවත් ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ අධ්‍යයන කටයුතු කරන අන්තර්ජාතික සිසුන්ටද ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අවස්ථා ඇතිවීමේ හැකියාවක් පැවතිය හැක.

********************************************************************************





ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.






*********************************************************************************




  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 


Share