2024-2025 වසර සඳහා ක්‍රියාත්මක නව වීසා සංශෝදන පිලිබඳ විස්තරය මෙන්න

2024-07-08_17-53-24.png

Credit : SBS

ඕස්ට්‍රේලියානු රජය ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩපිළිවෙලට පසුගිය වසරේ සිටම විශාල වශයෙන් වෙනස්කම් සිදු කරමින් සිටී. වරින් වර එක එක වීසා කාණ්ඩ වලට මේ ආකාරයට විවිද වෙනස්කම් එකතු කරන ලද අතර බොහෝ වීසා සඳහා වූ නව සංශෝධන ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක වීම ඇරඹිණි.


LISTEN TO
Skilled visa change from 1st of July int image

ජූලි 1 සිට ඕස්ට්‍රේලියාවේ Skilled Workers ලට අලුත් employer කෙනෙක් හොයාගන්න දෙන කාලය වැඩි කරයි

SBS Sinhala

01/07/202415:11
2023 වසරේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තම සංක්‍රමණ වැඩසටහනට විශාල වශයෙන් වෙනස්කම් සිදු කරන ලදී. මේ අනුව වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය ලබන සිසුන්, තාවකාලික වීසා මත සේවයකරන අය සහ ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තුවන බොහෝ දෙනෙකුට මෙම වෙනස්කම් විශාල වශයෙන් බලපා ඇත.

මේ ආකාරයට සිදුකල වෙනස්කම් මොනවාදැයි සොයාබැලීම වැදගත් වේ.

ජූලි 1 වනදා සිට ක්‍රියාත්මක වන වීසා වෙනස්කම්.

ශිෂ්‍ය වීසා අයදුම්පත්‍ර
ඕස්ට්‍රේලියාවේ සිට ශිෂ්‍යවීසා අයදුම් කිරීමට වීසා කාණ්ඩ කිහිපයකටම මින්පෙර තිබූ අවස්තාව ඉවත්කර ඇත.

පහත වීසා කාණ්ඩ වල සිටින පිරිස් සඳහා ඔස්ට්‍රේලියාව තුලදී ශිෂ්‍ය වීසා අයදුම් කිරීමට ජුලි 1 වනදා සිට අවස්තාව අහිමි වේ.

  • Temporary Graduate (subclass 485)
  • Visitor (subclass 600)
  • Electronic Travel Authority (subclass 601)
  • Medical Treatment (subclass 602)
  • eVisitor (subclass 651)
  • Maritime Crew (subclass 988)
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සම්පූර්ණ කල අය සඳහා ලබා දෙන Temporary Graduate visas.

මෙම වීසා කාණ්ඩය හිමි අය සඳහා ලබා දෙන වීසා කාලය අඩු කිරීමට කටයුතු කර ඇත. ඊට අමතරව Temporary Graduate visa සඳහා අයදුම් කළහැකි උපරිම වයස් සීමාව අඩුකර තිබේ.

Temporary Graduate visa (Subclass 485) කාණ්ඩයේ පැවති කොටස් හතර තුනකට අඩුකර නව නම්වලින් හඳුන්වා දී ඇත. ඒවා පහත පරිදි වේ.

  1. Graduate Work කාණ්ඩය Post-Vocational Education Work stream ලෙස වෙනස් වේ.
  2. Post-Study Work කාණ්ඩය Post-Higher Education stream ලෙස වෙනස් වේ.
  3. Second Post-Study Work කාණ්ඩය Second Post-Higher Education Work stream ලෙස වෙනස් වේ.
  4. Replacement වීසා කාණ්ඩය ඉවත්කිරීමට කටයුතු කර ඇත.
මෙම වීසා කාණ්ඩය (Subclass 485) සඳහා අයදුම් කළහැකි උපරිම වයස සීමාව 35 දක්වා අඩුකර ඇත. කෙසේ උවත් Masters by Research පාඨමාලා හදාරන්ට සහ ආචාර්ය උපාධිධාරීනට මෙම වයස් සීමා බල නොපානු ඇති බව රජය අවධාරණය කර සිටී.

මේ අතර Post-Vocational Education Work stream සඳහා අයදුම් කරන්නන්ට ලැබෙන වීසා කාලයේ කිසිදු වෙනසක් සිදු නොවනවා. ඔවුනට වසර දෙකක වීසා කාලයක් හිමි වනවා.

Bachelor degree, masters by coursework යන උපාධි සම්පූර්ණ කරන්නන්ට වසර දෙකක වීසා ලැබෙන අතර masters by research හෝ PhD, උපාධි හදාරන්නන්ට වසර තුනක වීසා හිමිවේ.

Temporary skills visas
තාවකාලික වීසා මත සිටින, සේවා යෝජකයකුගේ අනුග්‍රහය හිමිවන වීසා කාණ්ඩ සඳහා සේවා යෝජකයා අනුග්‍රහය ලබාදීම තවදුරටත් සිදු නොවන අවස්තාවක නව සේවා යෝජකයකු සොයාගැනීම සඳහා ලබාදෙන කාලය දීර්ග කර ඇත. මෙම නව වෙනස් කම් පහත වීසා අනු කාණ්ඩ සඳහා හිමි වේ.

  • Temporary Work (Skilled) (subclass 457)
  • Temporary Skill Shortage visa (subclass 482)
  • Skilled Employer Sponsored Regional (provisional) (subclass 494)
මේ අනුව නව සේවා යෝජකයකු සොයා ගැනීම සඳහා දින 180ක කාලයක් හිමිවේ. මීට අමතරව අනුග්‍රහය දැක්වීමට සේවා යෝජකයකු හමුවන තුරු වෙනත් රැකියාවක නිරතවීමේ හැකියාව නව වෙනස්කම් හරහා ලබා දී ඇත.

2024 වසරේ අගදී පැමිණීමට නියමිත නව සංශෝදන මොනවාදැයි අපි දැන් බලමු.
Skills in Demand visa
වර්තමානයේ පවතින Temporary Skill Shortage visa (subclass 482) අහෝසි කර ඒ වෙනුවට ඉදිරියේදී රටේ ශ්‍රම බලකායට අවශ්‍ය වන නිපුනතා සහිත අය සඳහා කාණ්ඩ තුනක් යටතේ Skills in Demand visa ලබා දීමට නියමිත වේ.

මෙම කාණ්ඩ පහත පරිදි වේ.

Specialist Skills: ඉහල වැටුප් තලවල සිටින රටට අවශ්‍ය නිපුනතා සහිත අය සඳහා කඩිනම් වීසා ලබාදීමක් මෙහිදී සිදුවේ.

Core Skills: නිපුනතා හිඟ අංශ කෙරෙහි අවධානය යොමු කර නිතර යාවත්කාලීන වන රැකියා ලැයිස්තුවක් නිර්මාණය කිරීම සිදුවේ.

Essential Skills: Aged Care වැනි තීරණාත්මක අංශවල අඩු වැටුප් ලබන සේවකයන් මේ හරහා ඉලක්ක කරයි

Business Innovation and Investment Program (BIIP)
ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරයක් හිමිකර ගැනීමට, ව්‍යාපාර සහ ආයෝජන ක්‍රියාකාරකම් කිරීමට හෝ ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් කිරීමට ඉඩ සලසන මෙම වීසා බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. ජූලි පළමු වනදා සිට මෙම කාණ්ඩය යටතේ නව වීසා නිකුත් කිරීමක් සිදු නොවේ.

2024 වසරේ අග භාගයේ පැමිණීමට නියමිත වීසා වෙනස්කම් මොනවාද ?

National Innovation visa
අහෝසි කරන ලද Business Innovation and Investment Program (BIIP) වෙනුවට නව වීසා කාණ්ඩය ලෙස ඉදිරියේදී National Innovation visa ලෙස මෙම වීසා හඳුන්වා දීම සිදුවනු ඇති. මෙහිදී Global Talent වීසා සහ Business Innovation and Investment Program (BIIP) යන වීසා කාණ්ඩ දෙක එකතුවීමක් මෙහිදී සිදුවනු ඇත.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************


  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 

Share