විදෙස් ශ්‍රමිකයින්ට ඇති දැඩි ඉල්ලුම නිසා බරහිර ඔස්ට්‍රේලියාව හඳුන්වාදුන් WA DAMA වැඩසටහන ගැන තොරතුරු මෙන්න

Hand shake greeting of professional  engineer teamwork in factory

Hand shake greeting of professional engineer teamwork in factory Source: Moment RF / Somyot Techapuwapat/Getty Images

ජුලි 1 වනදා සිට බටහිර ඔස්ට්‍රේලියාවට නව Designated Area Migration Agreement ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මෙය දැනට පවතින Designated Area Migration Agreements එනම් DAMA ක්‍ර වැඩසටහනට අමතරව හඳුන්වා දී ඇත.


LISTEN TO
sinhala_02072024_Student visa fee_podcast.mp3 image

එක්වරම විශාල ලෙස වැඩිවූ ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අයදුම්පත්‍ර ගාස්තුව පිලිබඳ විස්තරය මෙන්න

SBS Sinhala

02/07/202402:58
2024 වසරේ ජුලි පළමු වනදා සිට ක්‍රියාත්මක මෙම නව ක්‍රමවේදය හරහා ශ්‍රම බලකාය අඩු රැකියා ක්ෂේශ්ත්‍ර වෙත විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ හැකියාව බටහිර ඕස්ට්‍රේලියානු සේවා යෝජකයන්ට හිමිවේ. මේ අනුව දැනට පවතින State Nominated Migration Program සහ මෙම නව WA Designated Area Migration Agreement හරහා වසරකට 10000කට අධික විදෙස් ශ්‍රමිකයන් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට ගෙන්වා ගැනීමේ අවස්තාව හිමිවේ.

මේ සඳහා රැකියා ක්ෂේශ්ත්‍ර ගණනාවක් ඇතුලත්ව පවතින අතර බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂේත්‍රවල රැකියා පිරවීම සඳහා සේවා යෝජකයන්ගෙන් තවමත් පවතින ප්‍රබල ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් පිහිටුවන ලදී.

මෙහිදී දැනට පවතින Designated Area Migration වැඩසටහන හරහාද සේවා යෝජකයින්ට විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ හැකියාව පවතින අතර මෙම නව ක්‍රමවේදය හරහා විශාල රැකියා ක්ෂේශ්ත්‍ර ප්‍රමාණයක් සඳහා සේවකින්ට අනුග්‍රාහකත්වය ලබාදීමේ හැකියාව පවතී.

WA DAMA මගින් බටහිර ඕස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් ව්‍යාපාරවලට, අවශ්‍ය සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියානුවන් බඳවා ගැනීමට නොහැකි වන අවස්ථා වලදී , ඔවුන්ගේ ශ්‍රම බලකායට පුහුණු සංක්‍රමණිකයන් වීසා මාර්ග තුනක් හරහා අතිරේකව ලබාගැනීමට හැකියාව ලැබේ.

  • Temporary Skills Shortage (subclass 482) visa;
  • Skilled Employer Sponsored Regional (Provisional) (subclass 494) visa;
  • Employer Nominated Scheme (ENS) (subclass 186) visa

බටහිර ඕස්ට්‍රේලියාවේ Metropolitan Perth (category 2) සහ Regional Western Australia (category 3) ලෙස WA DAMA වැඩසටහන වෙන්කර ඇත.

Metropolitan Perth සඳහා පහත Post Codes ඇතුලත් වේ.

6000 to 6038, 6050 to 6083, 6090 to 6182, 6208 to 6211, 6214 සහ 6556 to 6558

Regional Western Australia සඳහා ඉහත සඳහන් නොවන අනෙකුත් සියලුම Post Codes ඇතුලත් වේ.

WA DAMA වැඩසටහනට අමතරව වර්තමානයේ බටහිර ඕස්ට්‍රේලියාවේ පවතින DAMA ක්‍රමවේදයන් මෙසේයි.

  1. Goldfields
  2. Kimberley
  3. Pilbara
  4. South West
WA DAMA වෙත ප්‍රවේශ වීම සඳහා අනුමත කිරීමේ අයදුම්පත් දැන් භාරගැනීම ආරම්බ කර තිබේ. WA DAMA සඳහා විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීමට බටහිර ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර WA DAMA වැඩසටහන හරහා නිර්දේශිත සුදුසුකම් සපුරාලිය යුතු වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරුහරහා ලබාගැනීමේ හැකියාව ඇත.

Migration Services on 9224 6540
********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 

Share